මාරාන්තික ජර්මානු දුම්රිය අනතුරේ වීඩියෝව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

මාරාන්තික ජර්මානු දුම්රිය අනතුරේ වීඩියෝව මෙන්න (VIDEO)

මගී දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

මෙම අනතුර ඊයේ (09) ජර්මනියේ බාවාරියා ප්‍රාන්තයේ දී සිදුවූ අතර අනතුරින් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

එරට ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරන පරිදි මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකම පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයකින් ධාවනය වෙමින් තිබී ඇත.

මෙම අනතුර ජර්මන් ඉතිහාසයේ සිදුවූ විශාල අනතුරක් වන අතර ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ප්‍රකාශකර සිටියේ තමන් මෙම සිදුවීමෙන් බලවත් කම්පනයටත් ශෝකයටත් පත්වූ බවය.

වීඩියෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad