ඩිල්ෂාන්ට වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 11, 2016

ඩිල්ෂාන්ට වරෙන්තු

කොළඹ අංක 09 මහේස්ත්‍රාත් අධිකරණය විසින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට අද (10) වරෙන්තු නිකුත් කළේ ය.

පළමු විවාහයේ දරුවා වෙනුවෙන් ගෙවිය යුතු වසර තුනක ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඩිල්ෂාන් මහතාගේ පෙර බිරිඳ වන නිලංකා විතානගේ මහත්මිය මෙම නඩුව පවරා ඇති අතර එය අද දින කැඳවූ අවස්ථාවේ ඩිල්ෂාන් මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

ඩිල්ෂාන් මහතා ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට දිවයිනෙන් පිටව ගොස් තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට පැවසූ නමුත් ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුවයි විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ.

ඩිල්ෂාන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බව ද නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටි නමුත් තරාතිරම කුමක්වුවත් අධිකරණයේ පෙනී සිටීම අනිවාර්යවන බව දැන්වූ විනිසුරුවරයා ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට පියවර ගත්තේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad