උඩුවේ ධම්මාලෝක හිමියන් අලි පැටවා හුරතල් කල හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

උඩුවේ ධම්මාලෝක හිමියන් අලි පැටවා හුරතල් කල හැටි (VIDEO)

මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන අලි ගැටළුවක් පිළිබදව මේ දිනවල නිතර කතාබහ කෙරෙනවා. 

එනම් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයත් පොල්හේන්ගොඩ සිරි ඇලන් මැතිනියාරාමයේ ඇති දැඩි කරන ලද වයස අවුරුදු දෙකක පමණ අලි පැටවෙකු නීතිවිරෝධීව රදවා ගැනීමක් පිළිබදවයි.


2015 ජනවාරි 28 දින මෙම අලි පැටවා ඇලන් මැතිනියාරාමයේ දී අත්අඩංගුවට ගත් අතර කිසිඳු නීතිමය ලියකියවිල්ලක් මේවනතෙක් උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ. නමුත් ලියකියවිලි සම්භන්ධයෙන් වන ගැටළුවට සෘජුව පිළිතුරක් නොදෙන ධම්මාලෝක හිමියන් පවසන්නේ මෙවැන්නක්,
 

“අපේ විහාරස්‌ථානයේ පැවැති අලි ඇතුන් සහිත පෙරහැරකට රැගෙන ආ අලි පැටවකු විහාරස්‌ථානයේ දමා ගොස්‌ තිබුණා. ඒ ගැන මම එදා වනජීවී අමාත්‍යව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතාට දැනුම් දුන්නා. එතුමා මට කීවේ අලි පැටවා එහෙම පන්සලේ හිටියාදෙන් කියලයි. මම ඌව ආදරයෙන් රැකබලා ගත්තා. මෑතකදී මේ අලි පැටියා සම්බන්ධයෙන් CID එක මගෙන් තෙවරක්‌ ප්‍රශ්න කළා. මම දන්න ඇත්ත කීවා. ඒ සිද්ධිය මුල්කරගෙන මාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක්‌ ගැන මාධ්‍ය මගින් මම දැන ගත්තා. මම මේ දේ උපේක්ෂාවෙන් පිළිගන්නවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න මම ලෑස්තියි. මුගලන් හාමුදුරුවන්ට වුණ දේ මට මේ වෙන්නේ කියලා හිත හදාගන්නවා. කැළණිතිස්ස මහරහතන්වහන්සේට වුණ දේ වෙන්නේ කියලා මම හිත හදාගන්නවා. මගේ තරහක් වෛරයක් නෑ. මම මෑතදී කිලෝ 12ක රන් කරඬුවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළා. ඒ ආශිර්වාදය මට තියෙනවා.”

කෙසේ වෙතත් මෙම අලි පැටියා සම්භන්ධ පසුගිය ජනවාරි 28 දින පවති නඩු විභාගයේදී තරාතිරම නොබලා අලි සොරකමට සම්භන්ද සැකකරුවන් සිටිනම් අත්අඩංගුවට ගෙන ඊළඟ නඩු දිනයට උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කරනු ලැබූවා. කෙසේ වෙතත් උඩුවේ ධම්මාලෝක හිමියන් අලි සුරතල් බලමින් එම අලි පැටවා ඇති දැඩි කල ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුනා. 


එම වීඩියෝව පහතින්…

 

No comments:

Post a Comment

Post Bottom Ad