පොලීසියේ ලොකු පුටු මාරුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

පොලීසියේ ලොකු පුටු මාරුවෙයි

වහා ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු 05 දෙනෙකුගේ ස්ථාන මාරු කර තිබේ.

සේවයේ අවශ්‍යතා පරිදි එම මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඩී.එස් ද සේනාපති මහතා ගම්පහ කොට්ඨාශය වෙතත්, ගම්පහ කොට්ඨාශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එල්.ආර්. අසන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාශය වෙතත් මාරු කර යවා තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ඒ. කීර්ති බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨශය වෙතත්, පොලිස් මූලස්ථානයේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ මහතා මීගමුව කොට්ඨාශය වෙතත් මාරු කර යවා ඇති බව වාර්තා වේ.

මීගමුව කොට්ඨාශය භාර ව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ඩී.ඒ විජේරත්න මහතා පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad