අතුල සමිතා යළි එක්වී කළ මුල්ම මියුසික් වීඩියෝව අන්තර්ජාලයට! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

අතුල සමිතා යළි එක්වී කළ මුල්ම මියුසික් වීඩියෝව අන්තර්ජාලයට! (VIDEO)


අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යළි එක්වීමෙන් පසු නිර්මාණය කළ පළමු මියුසික් වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

මෙය රූපගත කොට ඇත්තේ මේ දිනවල තිරගතවන ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය වෙනුවෙන්.
නුගේගොඩ සහ බෙල්ලන්විල යන පෙදෙස්වල රූපගත කොට ඇති මෙම මියුසික් වීඩියෝව අතුල සහ සමිතාගේ යළි එක්වීම සංකේතවත් කරනවා.

පසුගියදා කොළඹ රීගල් සිනමාහලේ පැවති සින්ඩරෙල්ලා හි මංගල දර්ශනයටත් අතුල සහ සමිතා එකට සහභාගි වුණා. මේ මියුසික් වීඩියෝවේ අවසන් දර්ශනයට අතුල සහ සමිතා එකිනෙකා සිපගන්නා රූපරාමුවක් ද ඇතුළත් කොට තිබෙනවා. මෙම ගීතය රචනා කොට ඇත්තේ ද ඉනෝකා සත්‍යංගනීමයි.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad