නැගෙනහිර මුහු‍දේ තෙල් ගවේෂණය ප්‍රංශ සමාගමකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

නැගෙනහිර මුහු‍දේ තෙල් ගවේෂණය ප්‍රංශ සමාගමකට

ශ්‍රී ලංකා රජය හා ප්‍රංශ රජය අතර ඛනිජතෙල් ‍ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට ඊයේ (18) එළැඹිණි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහු‍දේ බිම් කොටස් 2ක ගවේෂණ කටයුතු සඳහා වන ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමට ප්‍රංශයේ විශාලත ම තෙල් සමාගමක් වන ටොටාල් සමාගම සමග මෙලෙස අත්සන් තැබීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ හා අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද ප්‍රංශය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ගිවිසුමට අනුව යෝජිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටරයකට අමෙරිකන් ඩොලර් 1ක මුදලක් සමාගම රජයට ගෙවිය යුතු වේ. ඒ අනුව දළ වශයෙන් මෙරටට ලැබීමට නියමිත කුලී මුදල රුපියල් දස ලක්ෂ හතක් පමණ වේ. මෙම ආයෝජනයේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25 කි.

No comments:

Post a Comment

Post Bottom Ad