රෙජිනෝල්ඩ් හා විග්නේශ්වරන් ජාතික ගීය දෙමළෙන් ගායනා කරයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

රෙජිනෝල්ඩ් හා විග්නේශ්වරන් ජාතික ගීය දෙමළෙන් ගායනා කරයි (PHOTOS)

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය විග්නේශ්වරන් මහතා එක්ව සිංහල බසින් සහ දෙමළ බසින් ජාතික ගීය ගායනා කළ බව වාර්තා වේ.

ඒ අද (19) උදෑසන නව උතුරු පළාත්  ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී වැඩ භාරගත් අවස්ථාවේදී ය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා විසින් උතුරේ නව ආණ්ඩුකාරවරයා පිළිගත් අතර එම අවස්ථාවට සියලුම ආගමික නායකයින් ද දේශපාලන නායකයින් ද රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් උතුරු පළාත් අමාත්‍යය විග්නේශ්වරන් මහතා කියාසිටියේ නව ආණ්ඩුකාරවරයා දෙමළ භාෂාව ද කතාකිරීමට හැකි පුද්ගලයෙකු නිසා ඉන් ජනතාවගේ සහයෝගය හා සහජීවනය වර්ධනය වනු ඇති බවයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්...
 

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad