තවත් මන්ත්‍රීවරු 4කට ලඟදීම ඇමති පදවි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

තවත් මන්ත්‍රීවරු 4කට ලඟදීම ඇමති පදවි

එජාපයේ හා සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ලඟදීම අමාත්‍යධූර හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එම අමාත්‍ය ධූර හිමි වනු ඇත.

පාර්ලිමේන්තු මන්න්‍රී තිලක් මාරපන මහතාට ඉඩම් අමාත්‍යධූරයත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රණවිරු සුභසාධන විෂයයට අදාල අමාත්‍ය ධූරයකුත් හිමිවීමට නියමිත බව වාර්තාවේ.

මීට අමතරව බදුල්ල හා ගාල්ල දිස්ත‍්‍රික් නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුටද මෙම අමාත්‍ය ධූර හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad