'ආයේ ඒ වගේ පැමිණිලි එන්න බෑ' - ඇමතිගෙන් DIGට ඇමතුමක් (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

'ආයේ ඒ වගේ පැමිණිලි එන්න බෑ' - ඇමතිගෙන් DIGට ඇමතුමක් (VIDEO) 

අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට පසුගිය රජය සමග සිටි ඇතැම් පිරිස් විසින් තර්ජනය කර ඇතැයි තමාට දැන ගැනීමට ලැබුණු බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

නැවත එවැනි පැමිණිලි නොලැබිය යුතු බව නැගෙනහිර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇමතුමක් ලබා දී පැවසූ බවත් ඔහු එම ඉල්ලීම ඉෂ්ඨ කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) මඩකලපුව සිවානන්දා ජාතික පාසලේ පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි. සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජය සතුව පවතින බවත් එම රජය මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මනෝ ගනේෂන්ගේ රජය බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

එසේ ම යහපාලන රජය ඇති කළේ උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව බවත් වෙනස ඉහළ මට්ටමින් පමණක් නොව බිම් මට්ටමේ ද තිබිය යුතු බවත් හෙතෙම එහි දී වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad