රොසැල්ල දුම්රිය මගට යාබද රක‍්ෂිතයේ ගින්නක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

රොසැල්ල දුම්රිය මගට යාබද රක‍්ෂිතයේ ගින්නක් (PHOTOS)

වටවල පොලිස් වසමට අයත් රොසැල්ල වටවල රක‍්ෂිතයේ අද (23) දහවල් 1.00 ට පමණ ගින්නක් හටගත් බව වාර්තා වේ. හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අසලින් ආරම්භ වු මෙම ගින්න නිසා මේ වනවිට ඉලුක් සහිත වටවල රක‍්ෂිතයේ අක්කර 25කට වැඩි භුමි ප්‍රමාණයක්  විනාශ වි තිබේ.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානයට නොදුරු රක‍්ෂිතයේද අද දහවල් 12.30 ට පමණ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නද දුම්රිය මාර්ගයට ඉහළ කඳූ වැටියේ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව වාර්තා වේ.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමඟ රක‍්ෂිත වලට ගිණි තැබීම් බහුල වි ඇති අතර එම නිසා ජල මුලාශ්‍ර ද සීදි යෑමේ තර්ජනයකට ලක්ව තිබේ. කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙසේ රක‍්ෂිතවලට ගිණි තබන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

ඡායාරූප පහතින්...
 

හැටන් - රංජිත් රාජපක‍්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad