ETCA ට එරෙහිව පේරාදෙණි සිසුන් උද්ඝෝෂණයේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ETCA ට එරෙහිව පේරාදෙණි සිසුන් උද්ඝෝෂණයේ (PHOTOS)

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත  (ETCA) ආර්ථික හා තාක්ෂණික වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද (23) උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් මහනුවර ගලහ හන්දිය අසල පැවති මෙම විරෝධතාවය නිසා මහනුවර - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැයක පමණ කාලයකට අඩාල වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චතුර චින්තක මහතා විරෝධතාවයට එක්වෙමින් ප්‍රකාශකළේ දෙරට අතර මෙම ගිවිසුම අත්සන් කළහොත් ඒ තුළින් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපන වන බවත් මෙරට රැකියා වියුක්තිය බෙහෙවින් ඉහළ යන බවත් ය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්....


මහනුවර - කමල් සුරවීර 

No comments:

Post a Comment

Post Bottom Ad