සී එස් එන් නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (08) අදහස් දැක්වුවා.
ඔහු කියාසිටියේ සහෝදරකම සලකා නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් තමන් ඕනෑම විටෙක පෙනී සිටින බවයි.
"නිශාන්ත මගේ සහෝදරයෙක්. මම සහෝදරයා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නමුත් මම දන්නවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රටේ කවදාවත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නැහැ. මම අද වෙනකන් ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් මේ ගැන කතාකරලා නැහැ. අපේ අයත් දැනගන්න ඕනේ එක එක පුද්ගලයො එක්ක ඉන්නකොට මොනවගේ දේවල්ද සිද්ධවෙන්නේ කියලා.
ඉතිං ඒකේ හොඳම උදාහරණයක් අද සිද්ධවෙලා තියෙනවා. මම හිතනවා නිශාන්ත සහෝදරයා වරදක් කරලා නැහැ. හැබැයි රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය හදන්න තමයි අපි ඇවිල්ල තියෙන්නේ. ඒක හින්ද අද වෙනකොට මම ස්වාධීනව ඉන්නවා එතන. හැබැයි සහෝදරයා වෙනුවෙන් ඕනේවෙලාවක ඉදිරිපත් වෙනවා සහෝදරකමට".
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේද සී එස් එන් නාලිකවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්.
Tuesday, February 9, 2016
නිශාන්ත වෙනුවෙන් අර්ජුන සටනට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment