ඒකාබද්ධ විපක්ෂය ගැන ඉරණම් තීන්දුව අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

ඒකාබද්ධ විපක්ෂය ගැන ඉරණම් තීන්දුව අද

පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයායේ ප‍්‍රතිචාරය අද (09) ලබාදීමට නියමිතයි.

තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේදී තමන්ට අසාධාරණයක් සිදුවන බවයි ඒකාබද්ධ විපක්‍ෂය කතානායකවරයාට දැනුම් දී ඇත්තේ. විශේෂයෙන්ම කතාවාර සදහා කාලය වෙන් කිරීමේදී තමන්ට ලැබෙන්නේ අඩු කාලයක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

කතානායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට පෙර ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කළයුතු බවයි.  ඒ අනුව අද (09) දිනයේ සිය ප‍්‍රතිචාරය ලබාදෙන බවද කතානායකවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවසර නොලැබුණහොත් සභාවේ කටයුතුවලට බාධා කරන බවයි ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් දැනට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරනවා.

අද (09) පෙරවරුවේ ඔවුන් විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි. ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතා පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad