පෙදරේරුවෙක් ඝාතනය කර ළිඳකට දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

පෙදරේරුවෙක් ඝාතනය කර ළිඳකට දාලා

පානදුර අලුබෝමුල්ල මහගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක තනි ව විසූ පුද්ලගයෙකුට පහර දී ඝාතනය කර එම නිවස ඉදිරිපිට ඇති ළිඳට දමා ඇති බවට පොලීසිය සැක කරයි.

ඔහු පදිංචි ව සිටි නිවස ඉදිරිපට කලබලකාරී ස්වභාවයක් දිස්වන බවත් එහි ස්ථාන කිහිපයක ලේ පැල්ලම් දක්නට ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

එම පුද්ගලයා පෙදරේරුවෙකි. ඔහු යාබද නිවසක පුද්ගලයෙකු සමගින් මීට පෙර ආරවුලක් ඇති කරගෙන තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ යාබද නිවසේ පුද්ගලයා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබිමින් සිටින බව වාර්තා වේ.

එසේ ම අදාල නිවස තුළ යම් පිරිසක් විසින් මත් පැන් පානය කළ බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පානදුර පොලීසිය විසින් සිදු කරයි.

කළුතර - බිමල් ශ්‍යාමන් 

No comments:

Post a Comment

Post Bottom Ad