නිවාස චෙක්පත් වෙනුවට හිස්කවර දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

නිවාස චෙක්පත් වෙනුවට හිස්කවර දීලා

අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති චෙක්පත් ප්‍රදානය කිරීමේ රැස්වීමකදී නිවාස ප්‍රතිලාභීන්ගෙන් කිහිප දෙනෙකුට හිස් ලියුම් කවර ලැබීම නිසා එම පිරිස අසීරුතාවයකට පත්ව තිබේ.

මෙම චෙක්පත් පසුගිය 13 වෙනිදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතා අතින් බෙදා දෙනු ලැබීය. 

මෙම අවස්ථාවේ ඇමතිවරයා ඒ පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකාරවරයා විමසා ඇති අතර නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ අතපසුවීමකින් අදාළ ස්ථානයට චෙක්පත් ගෙන ගොස් නැති බව ඔහුගෙන් අනාවරණය වී ඇත.

මෙම සිදුවීම අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට කළ ක්‍රියාවක්දැයි තහවුරුකර ගැනීමට පරීක්ෂණයක් පැවැත්වීමට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad