යහපාලන ආණ්ඩුවේ දෙදරීමක්! ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්‌විම දෙකට බෙදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

යහපාලන ආණ්ඩුවේ දෙදරීමක්! ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්‌විම දෙකට බෙදෙයි

මීට පෙර එකට පැවැත්වූ පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීම අද (23) පෙරවරු 11.30ට වෙන වෙනම පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වෙන අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වෙයි.

මීට පෙර ආණ්‌ඩු පක්‍ෂයේ රැස්‌වීම එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති නමුත් පසුගියදා ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමකදී විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව කරන ලද ප්‍රකාශයක්‌ නිසා ශ්‍රීලනිප මැති - ඇමැතිවරුන් ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීම වර්ජනය කොට තිබිණි. එම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අද වෙන වෙනම රැස්‌වන්නේ ප්‍රථම වතාවටය.

No comments:

Post a Comment

Post Bottom Ad