ඉන්දියාවෙන් කුලී හමුදාවක් එන බවට වාසු අනතුරු අඟවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ඉන්දියාවෙන් කුලී හමුදාවක් එන බවට වාසු අනතුරු අඟවයි

එට්කා ගිවිසුම හරහා අඩු කුලී හමුදාවක් රට තුළ සෑදීමට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් අද (23දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එසේම ජී.එම්.ඕ වෘත්තීය සමිති වලට බැණ වැදීම අසාධාරණ බව පැවසූ මන්ත්‍රීවරයා අගමැතිගේ කටේ හයියෙන් ‍මේවා කළ නොහැකි බවද ජනතාව සංවිධානය වීමෙන් එම හයිය යටපත් වනු ඇතැයිද, පවසා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවි කිරීමේදී තරඟකාරිත්වයක් ඇති කිරීම සඳහා අයි.ඕ.සී සමාගම මෙරට තුළ ස්ථාපිත කිරීමට වික්‍රමසිංහ මහතා ඉඩ ලබා දුන් බවත් දැන් එහි වාසිය කෝටි ගණනින් ඉන්දියා‍ව වෙත ඇදෙමින් තිබෙන බවත් ඔහු පෙන්වාදෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad