බෝම්බයක් හා සෙල්ලම් කළ දරුවන් 99න් බේරෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

බෝම්බයක් හා සෙල්ලම් කළ දරුවන් 99න් බේරෙයි

යාපනය වැල්වෙටිතුරෙයි ඌරණී මුහුදු තීරයේදී කුඩා ළමුන් දෙදෙනෙක් අත්බොම්බයක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී වැල්වෙටිතුරෙයි පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ අත්බෝම්බය ඌරණී මුහුදු තීරයේ වැලි අතර සැඟව තිබී ඇති අතර කුඩා ළමුන් දෙදෙනා මුහුදු වැල්ලේ සෙල්ලම් කරමින් සිටියදී එය මතු වී ඇති අතර පසුව එය සමඟ සෙල්ලම්කර ඇත.

ඒ පිළිබඳව දරුවන්ගේ ඥාතීන් විසින් වැල්වෙටිතුරෙයි පොලීසිය දැනුවත් කොට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අත්බොම්බය පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ අත්බොම්බය යුද සමයේදී භාවිතා වූ එකක් බවත් එය අබලන් තත්ත්වයක තිබූ නිසා පුපුරා නොමැති බවත් එසේ නොවන්නට කුඩා ළමුන් සෙල්ලම් කරන අතරතුර එය පුපුරා යන්නට ඉඩ තිබූ බවත් ඒ සම්බන්ධව පරික්ෂණ සිදුකළ වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

රොමේෂ් මධුෂංඛ - වන්නි

No comments:

Post a Comment

Post Bottom Ad