ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ විවාදයට දින දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ විවාදයට දින දෙකක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව අද (23) සහ හෙට (24) විවාදයට ගෙන සම්මත කර ගැනීමට අද (23) පෙවරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

පොදු විපක්ෂය ඇතුළු වැඩි පිරිසකට කතා කිරීමට ඉඩ දීම සඳහා දින දෙකක් යොදා ගත් බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධන සියල්ල පිළිගත් බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad