වීරවංශ ඇතුළු 7කට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

වීරවංශ ඇතුළු 7කට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (19) දින නොතීසි නිකුත් කළේ ය.

ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිර වූ බව පවසමින් කුරුඳුවත්ත පොලිසියෙන් කළ පැමිණිල්ලකට අනුව යි.

එම සිද්ධියේ වීඩියෝපට ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන් අතර වීරවංශ මහතාට අමතරව අද දින නොතීසි නිකුත් කළේ ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න, මොහොමඩ් මුසම්මිල් සහ දොන් ලුසියන් යන මහත්වරුන්ට ය.

No comments:

Post a Comment

Post Bottom Ad