ලිංගික අතවරයෙන් පසු 14 වියැති දැරිය මරා දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ලිංගික අතවරයෙන් පසු 14 වියැති දැරිය මරා දාලා

පසුගිය 16 වනදා 14 හැවිරිදි දැරියක් සිය නිවස තුළ මරණයට පත් වූ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවලට අනුව එම දැරිය ඝාතනයට ලක්ව තිබෙන බවට අනාවරණය වී තිබේ.

වව්නියාව, උක්කුලාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි මීට පෙර  සැක කළ නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ දැරියට ලිංගික අතවර සිදු කිරීමෙන් පසු ඇය ඝාතනයට ලක් කොට ඇති බව යි.

වව්නියාව පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට  කළ නියෝගයට අනුව සිදු කළ මරණ පරීක්ෂයේදී අදාළ දැරිය ලිංගික අතවරයට ලක් කිරිමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇත.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලීසිය විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad