සනී රඟපෑ “ඒක් පෙහෙලී ලීලා” චිත්‍රපටයේ ඇය සමග රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබූ සුපිරි බොලිවුඩ් නළුවන් සියල්ලන්ම පාහේ එය ප්‍රතික්ෂේප කළ වග එම රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ බුපේන්ද්‍ර චවුබි විසින් හෙළි කළා.
ඇතැම් විට සනීගේ අතීතය හා සම්බන්ධ සිදුවීම් එයට හේතු වන්නට ඇති බවයි එහි දී කියැවුනේ. පසුව බුපේන්ද්‍ර විසින් යොමු කළ ප්‍රශ්ණයක දී සනී පිළිතුරු දුන්නේ තමන් සුපිරි හොලිවුඩ් නළු අමීර් ඛාන් සමඟ චරිතයක් රඟපෑමට ඉතා කැමැත්තෙන් සිටින බවයි. නමුත් අමීර් එයට කැමතිදැයි ඇය නොදන්නා බව ද ඇය ප්‍රකාශ කළා.
නමුත් පෙරේදා සිය ට්විටර් ගිණුම භාවිත කර පණිවිඩයක් නිකුත් කළ අමීර් සනී වෙත පවසා තිබුණේ, තමා සනී සමඟ වැඩ කිරීමට ඉතා කැමැත්තෙන් පසුවන බවත්, සනීගේ අතීතය පිළිබඳව තමාට කිසිදු ගැටළුවක් නොමැති බවත් ය.
එය දුටු සනී ද ප්‍රතිචාර දක්වා සඳහන් කොට තිබුණේ, අමීර්ගේ ප්‍රකාශය දුටු සැණින් තම හදවත නතරවන්නාක් මෙන් දැණුනු බවයි. එමෙන්ම අමීර්ට බොහෝ සෙයින් ස්තුතිවන්ත වන බවත්, තමන් පිළිබඳ ට්විටර් පණිවිඩය පිළිබඳ බොහෝ ලෙස සතුටු වන බවත් ය.
එම ට්විටර් පණිවිඩ සහ සනීගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න.
Gossip - AsianMirror.lk.

No comments:
Post a Comment