හොරණ 109කට කොවිඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 12, 2020

හොරණ 109කට කොවිඩ්

හොරණ 109කට කොවිඩ්

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 61න් පෙරේදා (10 වැනිදා) වන විට කොරෝනා ආසාදිතයන් 109ක් වාර්තා වී ඇතැයි හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙයින් 10ක් වූ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 613බී තලගල බටහිර ග්‍රාම නිලධාරි වසමෙන් වන අතර ඉන්පසු වැඩිම ආසාදිතයන් ගණන 07ක් වශයෙන් වාර්තා වන්නේ 616ඊ මිදෙල්ලමුලහේන ග්‍රාම නිලධාරි වසමෙනි.

තවද 630 දඹර සහ 606 ඒ වැල්මිල්ල ග්‍රාම නිලධාරි වසම්වල ආසාදිතයන් 06 දෙනා බැගින් වාර්තා වී ඇත.

බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 61න් 37කම මේ වන විට ආසාදිතයන් වාර්තා වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad