දේවස්ථානයක දේව ප්‍රතිමා වලට හානි කරයි - ප්‍රතිමා පොලොවේ ගසා ඒවායේ කොටස් මහ පාරට දමලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

දේවස්ථානයක දේව ප්‍රතිමා වලට හානි කරයි - ප්‍රතිමා පොලොවේ ගසා ඒවායේ කොටස් මහ පාරට දමලා

දේවස්ථානයක දේව ප්‍රතිමා වලට හානි කරයි - ප්‍රතිමා පොලොවේ ගසා ඒවායේ කොටස් මහ පාරට දමලා

යාපනයේ අරියාලේ මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මංසන්ධියේ පිහිටා තිබූ වෙලන්කන්නි දේවස්ථානයේ දේව ප්‍රතිමා වලට හා එම දේවස්ථානයට ඊයේ (16) රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

එම දේවස්ථානයේ තිබූ ප්‍රතිමා පොලොවේ ගසා ඒවායෙහි කොටස් මහ පාරට දමා තිබූ අතර දේවස්ථානයේ පිං කැටයද පහර දීමට පැමිණි පිරිස විසින් රැගෙන ගොස් තිබේ.

දිනපතාම පළාතේ ධීවරයින් සිය රැකියාව සදහා පිටත්ව යාමට පෙර මෙම දේවස්ථානය වෙත පැමිණ පඩුරු දමා ආශිර්වාද ලබා ගෙන යාම කාලයක සිට කරගෙන එනු ලබන ක්‍රියාවක් යැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.

17 දා අළුයම පඩුරු දැමීමට පැමිණි ධීවරයින් පිරිසක් දේව ප්‍රතිමා වලට සිදු කොට තිබූ විනාශය දැක ඒ පිළිබදව පොලීසියට පැමිණිලි කොට තිබේ.

යාපනය පොලීසිය මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad