ආදිවාසී නායකයාත් ජනපතිවරණයට ඉල්ලන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

ආදිවාසී නායකයාත් ජනපතිවරණයට ඉල්ලන්න සූදානම්

ආදිවාසී නායකයාත් ජනපතිවරණයට ඉල්ලන්න සූදානම්

ජනාධිපතිවරණයට ඉල්ලන්න කියා රටේ විවිධ අයගෙන් ඉල්ලීම් ගොඩක් දැන් ලැබෙන බව ආදිවාසී නායකවරයා ප්‍රකාශ කරයි.

72 වැනි ජන්ම දිනයට සමගාමීව දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ සංවිධානය කර තිබු ආගමික වැඩසටහන් වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

"මාව බලන්න , අපිව බලන්න දඹානට එන ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ පාර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. වෙලාවක මට හිතෙනවා මමවත් ඉදිරිපත් වෙලා රට ඉදිරියට ගෙනයන දිශානතිය පෙන්නලා දෙන්නද කියලා. ඒත් පස්සේ මටම හිතෙනවා ඒ මට ගොහොරුවට වැටිලා මම මොකටද විහින් විනාශවෙන්නේ කියලා. පසුගිය අප්‍රේල් 21 දින රටේ එකම දවසේ ස්ථාන 08ක බෝම්බ 08ක් පිපිරුනා කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ. හැබැයි මේ වෙනකොට රටම අකර්මණ්‍යෙවලා නිද්‍රාසන්න වෙලා. මෙතරම් විනාශයක් වෙලා තියෙද්දීත් ආන්ඩුවේ ඇමතිවරුන්ගේ හැසිරිම දකිද්දී මට නම් අප්පිරියාවක් ඇතිවෙලා තියෙන්නේ. ඒක මට විතරක් නෙවෙයි රටේ හැමෝටම දැනිලා තියෙන්නේ දැන්."

No comments:

Post a Comment

Post Bottom Ad