දෙමළ ජාතික සන්ධානයේ ඇතම් දෙශපාලඥයින්ගේ ජාතිවාදී ක්‍රියාකලාප හේතුවෙන් මුලතිව් දෙමළ වැසියන් හා සිංහල වැසියන් අතර භේදීම් සිදුව ඇතැයි ජාතික හිමිකම් සංවිධානයේ සභාපති, දේශප්‍රේමි භික්ෂු පෙරමුනේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේය.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව පවසා සිටියේ ඊයේ (16) සවස මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිටදී ගුරුකන්ද විහාරය ආරක්ෂා කර දෙන මෙන් සිදු කරන ලද විරෝධතාවක් අතරතුරදී මාධ්‍යට අදහස් දක්වමිනි.
ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරු ඉවත් කොට නීරාවයඩි පුල්ලයාර් නමින් කෝවිලේ නාම පුවරුව පමණක් බුදු පිළිමය ඉදිරිපිට ඉතිරි කිරීම හා දෙශපාලඥයින්ගෙන් ගුරුකන්ද රජමහා විහාරයට එල්ල වන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් ඊයේ දින හෙලජන බලය විසින් සංවිධානය කොට විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා වැලිඔය ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
විරෝධතාවය වෙනුවෙන් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ද සහභාගී වූ අතර එහිදී මාධ්‍යට අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ,
‘අද වනකොට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට එදිනෙදා ආපු ගියපු දෙමළ ජනතාව එන එක නතර වෙලා ඒ අයගේ සහජීවනය නැතිකරල ඒ හැම එකකටම වග කියන්න ඕන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඒ අයට බයේ මේ දෙමළ සාමාන්‍ය මිනිස්සු පන්සලට එන්නෙත් නැහැ ඒක ලොකු බරපතල කාරණාවක්,
අනිත් එක තමයි මේ ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පෞරාණික උරුමයක් දළදා වහන්සේගේ ආගමනයේ පළමු සන්ධිස්ථානය ඒ බව පුරා විද්‍යා සාධක මගින් සාක්ෂි තියනවා ඒ වගේම අධිකරණයෙත් ඒ බව ඔප්පු වෙලා තියනවා එහෙම තියෙන අවස්ථාවක පන්සලට මෙලෙසින් බලපෑම් එල්ල වන අවස්ථාවේදී බලධාරීන් බිහිරිව සිටීම අප කාගෙත් අවාසනාවක් වහාම සියලු දෙනා මේ අසාධාරණයන් වෙනුවෙන් එක් විය යුතුයි. යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment