ශ්‍රී ලංකාව සමග තාක්ෂණික ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා පවසයි.
ලෝක අර්ථික සමුළුවට සහභාගීවිම සදහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා මේ බව දැනුම්දී ඇත.
එළැඹීමට අපේක්ෂා කරන ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය පිණිස නව පරම්පරාවේ තාක්ෂණය හඳුන්වාදීමටත්, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණය කිරීම සඳහා පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත.
මෙම කරුණු පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා බව ද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

No comments:
Post a Comment