පොප් ගායිකා ශකිරා මාස කිහිපයක් නිහඬව සිටියා. ඒ, ඇගේ දෙවැනි පුතු මෙලොව එළිය දකින තුරුයි. පසුගිය ජනවාරි මාසයේ දී දෙවැනි වරටත් මවු පදවිය ලද පසුව ඇය නැවතත් ගී ලොවට එක්වුණා.
දැන් ඇය පෙර පරිදිම ගී ගයන්නට එක්ව සිටිනවා. මෑතකදී මේ සුපිරි ගායිකාව රූපවාහිනී වෙළෙඳ දැන්වීමක රංගනයටත් එක්වුණා. මේ වෙළෙඳ දැන්වීම රූගත කළේ ස්පාඤ්ඤයේ කැටලෝනියා නගරයේදීයි. සිය දෙවැනි පුතු සාෂා මෙලොව එළිය දැක මාස 8 ක් ගතවෙද්දීයි ඇය මේ වෙළෙඳ දැන්වීමෙහි පෙනී සිටියේ.
රූගත කිරීමට ශකිරා තම වැඩිමල් පුතු මිලාන්වත් රැගෙන ගොස් තිබුණා. කැටලෝනියාවේ ලස්සන මුහුදු වෙරළක් අද්දර දී සිදු වූ මේ රූගත කිරීමට පුතු මිලාන්වත් එකතු කරගත් ශකිරා නර්තනයක් ඉදිරිපත් කළා. දෙවැනි වියෙහි පසුවන මිලාන් සමඟ නිරූපණය කළ ඒ රංගනය කාගේත් නෙත් සිත් පැහැර ගත්තා.
The post ශකිරා අලුත් නැටුමක appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment