මේ කතාව මීට ටික දවසකට කලින් එක්තරා මාධ්‍ය සාකච්ජාවකදී සිද්ධ උන දෙයක්… ඒ උනත් වැඩේ හරියට එළියට ආවෙ නැහැ. නුවර පැත්තෙ ආසනයක් නියෝජනය කරන ආණ්ඩුවේ බන්න අලුතින්ම පත්වුන මන්තී‍්‍ර කෙනෙක් මාධ්‍ය කතාබහකට ආවා.
ඉතිං උන්නැහේගෙන් ප‍්‍රශ්න කල මාධ්‍ය සගයා අලුතින්ම බිහි කරපු මෙගා පොලිස් අමාත්‍යාංශයෙන් කරන්න යනනේ මොනවද කියන ප‍්‍රශ්නය මතු කලාලු. එතකොට උන්නැහේ මෙහෙම උත්තර දුන්නලු.
“දැන් මේ රටේ ස්තී‍්‍ර දූෂණ ළමා අපචාර වැඩිවෙලා. ඉතිං ඒ නිසා අපි මේ පොලීසිය පුළුල් කරන්න ඕනෙ. පොලීසියේ යටිතල පහසුකම් වැඩිකරන්නත් හිතන් ඉන්නවා. ඒක බස්නාහිරින් තමයි පටන් ගන්නෙ.”
ඔන්න ඔහොමයි එතුමා මෙගා පොලිස් ගැන අර්ථකථනය කලේ. හැබැයි ඒ වෙනකොට මේ අමාත්‍යාංශය පටන්ගත්ත ගමන් නිසා මේ මන්ත‍්‍රීතුමාට දොසක් කියන්නත් බැහැ වගේ. ඉතිං මේ කතාව පාර්ලිමේන්තු ලොබියේ කතාවෙනකොට ඒක අහගෙන ඉදපු විපක්ෂයේ මහත්තයෙක් කිව්වෙ “ඕකත් වැඩක්ද අපේ හිටපු ගම්පහ පැත්තෙ මන්තිරි නෝනා කෙනෙක් ලංකාවේ තියෙන්නෙ දිස්ත‍්‍රික්ක 9යි කියලා පහුගිය දවසක කිව්වෙ” කියලා
The post මෙගා පොලිස් ගැන කියන්න ගිහින් නාගත්ත මන්තී‍්‍රතුමා appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment