බොලිවුඩයේ සුපිරි තරුව බිග් බි හෙවත් අමිතාබ් බච්චන් මෙවර ඔහුගේ 73 වැනි උපන්දිනය පසු ගිය 11 වැනිදා සමරනු ලැබුවා. සිය ආදරණීය රසිකයන්, බොලිවුඩ් තරු, දේශපාලඥයන් අතුළු බොහෝ පිරිසක් වෙනදා මෙන්ම මෙවරද ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් සහ දිර්ඝායු එක් කිරීමට අමතක කළේ නැහැ. ඉතින් මේ සියලු දෙනාට තම ස්තුතිය පළ කළ අමිතාබි මෙවර උපන්දිනය කිසිදු උත්සවයකින් තොරව සිය පවුලේ සමාජිකයන් සහ ඔහු සමඟ මෙතෙක් සිටි මාධ්‍ය හිතවතුන් සමඟ බොහොම සාමාන්‍ය දිනයක් සේ ගත කරන්නට තීරණය කර තිබුණා.
“සාමාන්‍ය පුද්ගලයකු වගේම වැඩිපුර මගේ පවුලේ උදවිය සමඟ කාලය ගත කරන්නයි මට වුවමනා කරන්නේ. ඒ වගේම ගායනය සහ වාදනය ප්‍රගුණ කරන්න දැන් මගේ කාලය ටිකක් යොමු කළොත් හොඳයි කියා සිතනවා.“ මේ ප්‍රකාශයත් සමඟ ඔහු රංගනයෙන් සමු ගන්නටදෝ මේ සැරසෙන්නේ යැයි කුතුහලයක් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රසිකයන් මතු කර තිබුණද ඊට මුවින් පිළිතුරු නොදී ‘වර්සිම්‘ නමැති ටෙලි නාට්‍යකට රංගනයෙන් සම්බන්ධ වීමට ගිවිසුම් අත්සන් කරමින් අමිතාබ් ඒවාට පිළිතුරු සපයා තිබුණා.
බිග් බීගේ මෙවර උපන්දිනය උත්සවශ්‍රියෙන් සැමරීමට ඔහු අකැමැති වීම නිසා මෙවර ඔහුට ලැබුණු විශේෂ තෑගී බෝග ගැන කිසිවක් මාධ්‍යට වාර්තා වුණේ නැහැ. නමුත් ඔහුට ලැබුණු වටිනාම උපන්දින තෑග්ග ලැබී තිබුණේ සිය මිණිබිරිය වන පුංචි ආරාධ්‍යාගෙනි. තවමත් තුන් වැනි වියෙහි පසු වන ආරාධ්‍යා මෙවර තම සීයාගේ උපන්දිනය වෙනුවෙන් පැමිණ සිට අය ඉදිරියේ ‘හැබි බර්ත් ඩේ‘ යැයි ගායනා කරමින් සිය සුබ පැතුම් එක් කළා. පුංචි ආරාධ්‍යාගෙන් ලැබුණු මේ පුංචි තෑග්ග බොලිවුඩයේ බිග් බී ට නම් මෙතෙක් ලැබුණු වටිනාම උපන්දින තැග්ග කියලයි ඔහු පවසන්නේ.
The post තාමත් කොල්ලා වගේ රණපාන අමිතාබ් බච්චන්ගේ වයස දන්නවද? appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment