වසර දෙක හමාරක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැක පිට දාහත් වියැති පිරිමි ළමුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිල්ලි පොලිසිය පවසයි.
දැරිය දූෂණයට ලක් වූ ප්‍රදේශය අවට වෙසෙන පදිංචිකරුවන් ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් අනතුරුව ළමුන් දෙදෙනා රැඳවුම් භාරයට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
දිල්ලි අගනුවරදී තවත් පස් වියැති දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
මෙම දූෂණ සිදුවීම් සමග ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉන්දීය සමාජයේ විරෝධය මතු වී තිබේ.
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිසි පියවර ගෙන නොමැති බවට දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පොලිස් බලතල හිමි ෆෙඩරල් ආණ්ඩුවට චෝදනා කළේය.
වයස දෙක හමාරේ පසු වූ දැරිය පැහැර ගැනීමට ලක්ව තිබෙන්නේ පසුගිය සිකුරාදායි.
උද්‍යානයක් තුළ අතහැර දමා ගොස් තිබියදී ඇය සොයා ගත් අතර දැරිය අධික රුධිර වහනයට ගොදුරු වී තිබේ.
මෙම දූෂණ සිදුවීම් දෙකට පෙර දූෂණයට ලක් වූ තවත් සිව් වියැති දැරියක් දුම්රිය මාර්ගයක් අසල අත්හැර දමා ගොස් සිටියදී හමු විය.
දෙදහස් දොළහ වසරේදී දිල්ලි සිසුවියක් බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව පවතින නීති තර කොට ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල විය.
කෙසේ නමුත් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදු කෙරෙන දරුණු මට්ටමේ ලිංගික වධ හිංසා ඉන්දියාවේ නන්දෙසින් තවමත් වාර්තා වන අතර දෙදහස් දාහතර වසර තුළ පමණක් දිල්ලි නගරයෙන් එවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි 2000 කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.
| BBC
The post අවුරුදු දෙකහමාරේ දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කරලා appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment