පාසල් විද්‍යාගාරයක් ගිනිගෙන පරිගණක 43 ක් අළු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 13, 2015

පාසල් විද්‍යාගාරයක් ගිනිගෙන පරිගණක 43 ක් අළු වෙයි

විද්‍යාලයක තාක්ෂණික විද්‍යාගාරයක ඇති වූ ගින්නෙන් පරිගණක 43 ක් විනාශ වී තිබේ.මුද්‍රණ යන්ත‍්‍ර දෙකක් සහ ස්කෑනර් යන්ත‍්‍ර දෙකක්ද විනාශ වී ඇති බවයි පොලීසිය පවසන්නේ. තිරුක්කෝවිල් පොලිස් වසමේ විනායගපුරම් විද්‍යාලයේ ඊයේ (12) පස්වරුවේ මෙම ගින්න ඇති වී තිබේ.
ඉන් ගොඩනැගිල්ලටද අලාභ හානි සිදුව ඇත. මෙම ගින්න ආරම්භ වූයේ ඊයේ සවස 4.30ට පමණ වන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ගින්නට හේතුව තවමත් තහවුරු වී නැත. කිසියම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් සිදුව ඇත්දැයි පොලීසිය විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad