ජනපති ශ්‍රීලනිප ඡන්ද සටන 14වැනිදා අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 13, 2015

ජනපති ශ්‍රීලනිප ඡන්ද සටන 14වැනිදා අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සමාජිකයන් කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන 14 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දඹදෙණිය පුරවරයෙන් ආරම්භ කිරීමට නියමිතය. 

මෙහිදී කොට්ඨාස මට්ටමින් දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ සියලු වැඩසටහන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

මීට ඉහත දී දිස්ත්‍රික්ක මට්ටමින් දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad