දෙනෝදාහක් ඉදිරිපිට යොවුන් තරුණියක් නිරුවත් වී සිටිනු දුටුවහොත් ඔබට කුමක් සිතෙනු ඇති ද? අනිවාර්යෙන්ම ඔබේ සිතට නැගෙනු ඇත්තේ ඇය පිළිබඳ අයහපත් ආකල්පයක්.
නමුත්, පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම නිරුවත ප්‍රදර්ශණය කරන තරුණියක් ගැන රුසියාවෙන් වාර්තා වනවා.
ඇය ලියානා ක්ලෙව්ට්සෝවා (Liana Klevtsova) නම් වූ රුසියානු යොවන් රූමතියක්. තවමත් වයස අවුරුදු 19ක් වන ඇය, ඡායාරූපකරණය සහ නිරූපණ කලාව හදාරන ශිෂ්‍යාවක්. එමෙන්ම ඇය ඉතා දක්ෂ කලාත්මක නිරූපණ ශිල්පිනියක්.
විවිධ වූ තේමාවන් ඔස්සේ ඇය තම නිරූපණ ශිල්පය යොදාගන්නවා. නමුත් ඇය ලොව පුරා කතාබහට ලක් වූයේ ඇගේ නිරුවත් නිරූපණයත් සමඟයි. ලියානා නිරුවත්ව පෙනී සිටින ඡායාරූප, එක් අන්තර්ජාල සෙවුමකින් පවා සොයාගත හැකියි.
නමුත් ඇය මෙම ඡායාරූප වලට පෙනී සිටින්නේ රුසියානු නායක පුටින්ගේ පාලනය යටතේ, පොදු ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන අධික ජීවන වියදමට විරෝධය පල කිරීමේ ව්‍යාපාරයක අංගයක් ලෙස යි.
රජයේ ක්රියාකලාපයන්ට විරෝධය පලකරන කණ්ඩායමක් වන Golaya Pravda (නිරුවත් සත්‍යය) සමඟ එක්ව කටයුතු කරන ලියානා, තම නිරුවත් නිරූපනයන් සිදු කරන්නේ චිත්‍රාගාරයන් තුළ දී නොව, හිම මිදෙන, අධික ශීතලෙන් යුතු එලිමහනේ දීයි.
බොහෝ විට ඇය එයට යොදා ගන්නේ තම උපන් ප්‍රදේශය වන Irkutsk නගරයේ මංමාවත් හා පොදු ස්ථාන යි. ඇය පෙනී සිටි විරෝධතා ඡායාරූප පෙළේ නවතම අංගය වූයේ පසුගිය කම්කරු දිනයේ දී එළිදැක්වූ ඡායාරූපය යි. තම රැකියාවන්ට සරිලන වැටුපක් ලැබුනහොත්, හැමෝටම ආත්මාභිමානයෙන් යුතුව ජීවත් විය හැකි බව යි එයින් ප්‍රකාශ කිරීමට උත්සහ ගෙන ඇත්තේ.
ඇය මෙම ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සහ ඇගේ තවත් ඡායාරූප පෙළක් පහතින් දැක්වෙනවා.
No comments:
Post a Comment