එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ 30 වසරක් පැවැති යුද්ධය නිමවා ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අද(18)ට වසර 06 ක් සපිරෙයි.
ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ. බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාවම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනයකදීයි.
වර්ෂ 1975 ජූලි 27 වන දින එවකට යාපනය නගරාධිපතිවරයා ලෙස සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ගේ ප්‍රභාකරන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවතීර්ණ වූ බව සඳහන් වේ.
දශක 03 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජනතාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සැහැසිකම්වලින් පීඩාවිඳන ලදී. අවස්ථා ගණනාවකදී සටන් විරාමයන් ක්‍රියාත්මක වුවද සටන් විරාමය අතරතුරදී වුවද එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය සුපුරුදු සන්නද්ධ දේශපාලනයේ නිරත විය.
2006 වසරේ ජූනි මස 21 වැනි දින ත්‍රිකුණාමලයට දකුණින් වූ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් 30,000 කට අධික පිරිසකගේ ජලයේ අයිතිය උදුරා ගැනීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ.යට එරෙහිව මානුෂීය මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් විසින් පියවර ගන්නා ලදී.
එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන්, යුද හමුදාපති ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක වැනි යුද හමුදා නායකයින් දියත් කළ හමුදා මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණි.
නැගෙනහිර මුදා ගැනීමෙන් නොනැවතුනු ශ්‍රී ලංකා හමුදාවන් 2009 වසරේ මැයි 18 වැනි සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනු ලැබිණි.
ඒ අනුව එම විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් මෙවර රණවිරු සැමරුම් උත්සවය හෙට (19) මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. විජයග්‍රපහණ සැමරුම් ජාතික උළලේ මෙවර තේමාව වී ඇත්තේ “සංහිඳියාව“ යන්නයි.
එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකයට උපහාර පිදීමේ උත්සවයක්ද හෙට පැවැත්වීමට නියමිතය. මේ අතර මාතෘ භූමි සංවිධානය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රණවිරු සැමරුම් උත්සවය අද(18) පස්වරු 6.00 ට විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වෙයි.
මේ සඳහා දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

No comments:
Post a Comment