ඒ මහතාට පසුගිය කාලය පුරාවටම විවිධ චෝදනා එල්ල වූ අතර පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල ප‍්‍රශ්නයකට ලැබුණු පිළිතුරක සදහන් වූයේ ඒ මහතා සාමාන්‍ය පෙළ විභාගයද අසමත් අයෙක් බවයි.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ කමිටුව වාර්තාවට අනුව හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සමයේ සිදුවූ අක‍්‍රමිකතාවන් රැුසක් පිළිබදව අනාවරණය වුනා.
එහිදී කියැවුනේ ඔහු ලක්ෂ පහක මාසික වැටුපක් ලබා ගන්නා අතරතුර ජාඇල, සීදුව සහ ආන්ඩිඅම්බලම යන ප්‍රදේශ වලින් නිවාස තුනක් කුලියට ගෙන ඇති බවයි. මේ පිළිබදව වික‍්‍රමසිංහ මහතා හේතු ලෙස දක්වන්නේ රාත්‍රී කාලයේදී තමන්ට ගුවන් තොටුපළට යාමට සිදුවෙන හෙයින් මේ නිවාස කුලියට ගත් බවත් මේ නිවාස වල තමන් තනියම විසු බවත්ය.
නමුත් මෙම නිවාස වල විදුලි පරිභෝජනය බලන විට තත්ත්වය ඊට වඩා වෙනස් බව පැහැදිලි වෙයි. තෝරාගත් ගුවන් සේවිකාවන් සඳහා විශේෂ වරප්‍රසද ලබා දී ඇති බවත් එක් ගුවන් සේවිකාවක් සමග විදේශ සංචාර රැසක යෙදී ඇති අතර එම ගමන් වල වියදම් පිළිබඳවද ප‍්‍රශ්න ඇති බවද එම වාර්තාවේ සදහන් වුනා.
තත්ත්වය මෙසේ තිබියදී මාධ්‍ය වෙත නිකුත්වී ඇති ඡායාරූප කිහිපයකින් අදාල ගුවන් ගමන් පිළිබදවත් එම ගුවන් සේවිකාව පිළිබදවත් තොරතුරු අනාවරණය වනවා. 2013 වර්ෂ අවසානයේදී ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි 4020ක් බවයි වාර්තා වුනේ…
Source By : gossip.am.lk
No comments:
Post a Comment