හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඒ මහතා එලෙස කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසයි.
මෙසේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ඇත්තේ මිග් ගණුදෙනුවක් සහ ලංකා හොස්පිටල් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා බවයි වාර්තා වුණේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නීත්‍යානූකූල භාවය අභියෝගයකට ලක් කරමින් ද තමන්ව අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළේය.
ඒ අනූව එය සලකා බලන තුරු ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඔක්තෝබර් 06 තෙක් බලපැවැත්වෙන නියෝගයක්ද නිකුත් කෙරිණ.
Wednesday, May 20, 2015
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment