ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් එම ධූර අත්හැරීමට හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ය.
එසේ පක්ෂය අතහැර යාමේ අදහස් ඔවුන් හට ඇත්තේ නම් එය හුදෙක්ම ඔවුන්ගේ පෞද්ගලික වාසිය සඳහා සිදු කරන පක්ෂ මාරු කිරීමක් බවත්, එය ජාතික ආණ්ඩුවට එකතු වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ පොදු මතය නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටේ ආරක්ෂාව පිළිබඳ වර්තමානයේ ගැටළු පවතින බව හා ඉදිරියේදී ගැටළුවක් ඇතිවන බවත් ප්‍රචාරය වන බැවින් එවැනි ගැටළුවක් කිසිවිටකත් ඇති නොවන බවට සහතික වන බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ විවිධ තීන්දු තීරණ ගෙන රටේ ආරක්ෂාව තර කරන බවත් හෙතෙම සඳහන් කළේය.
නැවත එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරියට ගෙන ඒමක් සිදු නොවන බවට පැහැදිලි විශ්වාසයක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment