ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 13 වැනිදා උදෑසන පාසල් යන අතරතුර දී සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනය කර ඝාතනය කර තිබුණි. පසුව ප්රදේශයේ වන ලැහැබක තිබීයදියි අත් පා ගැට ගසා ඝාතනය කර තිබූ ඇයගේ සිරුර පොලීසිය සොයා ගත්හ.
සැකකරුවන් තුන්දෙනෙකු පළමුව අත්අඩංගුවට ගැනුනු අතර ඊයේ තවත් සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්හ. මේ අතර, කොළඹ - වැල්ලවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් 9 වන සැකකරුවා විදේශ ගත කිරීමට සූදානම් වූ බවට චෝදනා කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට ද කයිට්ස් ප්රදේශවාසීන් අද පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
එසේම මෙම ඝාතනයට විරෝධය පළ කරමින් අද යාපනය නගරයේ කඩ සාප්පු රැසක් වසා තිබුණි. නගරයේ පාසල් කිහිපයක් ඉදිරිපිට දී සිසුන් විරෝධතාවල නිරත විය.කයිට්ස් පුංකුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් කර මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගම්වැසියන් පහර දෙන්නට උත්සහ කළ අයුරු පහත වීඩියෝවේ දැක්වේ.
එහිදී යාපනය දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රිනී විජයකලා මහේශ්වරන් මහත්මිය ඔහුව ගම්වැසියන්ගෙන් බේරා ගෙන පොලිසියට භාර දුන්නේය.
(වීඩියෝව පහතින් නරඹන්න..)
කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවිය දූෂණය කර ම...
Posted by News Album on Tuesday, 19 May 2015
No comments:
Post a Comment