පකිස්ථානයේ හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් විදෙස් තානාපතිවරුන් දෙදෙනෙකු සහ තානාපතිවරුන් දෙදෙනෙකුගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, මෙම අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් වන්නේ, පකිස්ථානයේ නෝර්වේ තානාපති ලීෆ් ලාසන් සහ පකිස්ථානයේ පිලිපීන තානාපති ඩොමින්ගෝ ලුසනරියෝ යන දෙදෙනා ය.
ඔවුන්ට අමතරව, පකිස්ථානයේ මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත් වූහ. පකිස්ථානයේ නෙදර්ලන්ත තානාපති මාසල් ඩි වින්ක් සහ පෝලන්ත තානාපති ඇන්ඩ්‍රිසෙයි ඇනනික්ස් මෙහිදී තුවාල ලබා තිබේ.
පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව ය.
Friday, May 8, 2015
පකිස්ථානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී තානාපතිවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment