සියම් මහා නිකායේ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව 21 වැනි මහානාහිමියන් තෝරා පත්කර ගැනීම අද (08) පස්වරු 3.00ට අස්ගිරි මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදී සිදු කෙරේ.
අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක පදවිය වසර 15ක කාලයක් හෙබවූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගිය අප්‍රේල් 08 වැනිදා අපවත්වීමෙන් අනතුරුව මෙම උත්තරීතර පදවිය පුරප්පාඩු විය.
නව මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්‌සී ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කාරක මහා සංඝ සභාවේ 18 නමක් මහා සංඝරත්නය අද පස්‌වරුවේ ඓතිහාසික උපෝෂථාගාරයට රැස්‌වෙති.
සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ දෙනමක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මහනායක ධුරය අපේක්ෂාවෙන් ඉදිරිපත් වුහොත් සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ වැඩි දෙනා වහන්සේගේ කැමැත්ත හිමිවන නායක හිමි මහනායක ධූරයට පත්වෙති.

No comments:
Post a Comment