ජනපතිගේ ආරක්ෂාවේ ප්‍රශ්ණයක් - ඇමති රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

ජනපතිගේ ආරක්ෂාවේ ප්‍රශ්ණයක් - ඇමති රාජිත කියයි

ජනපතිගේ ආරක්ෂාවේ ප්‍රශ්ණයක් - ඇමති රාජිත කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න පවතින බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (07) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය. 

අඟුණකොළපැලැස්‌ස ප්‍රදේශයේ පැවැති ජනාධිපතිවරයාගේ රැස්‌වීමට ඇමැති ආරක්‍ෂක අංශයේ කිසිවකුට ඇතුළු විය නොහැකි වූ නමුත් එක්‌ හමුදා සෙබළෙකු ආයුධ සහිතව පැමිණ ඇති බවද මේ තත්ත්වය ජනාධිපතිගේ ආරක්‍ෂාවට දැඩි තර්ජනයක්‌ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එදා ගාමිණී දිසානායක මහතාගේ රැලියට පැමිණි මරාගෙන මැරෙන කොටියා දින කිහිපයක්‌ පැමිණ අවසානයේ ආරක්‍ෂාවේ අඩුපාඩු හඳුනාගෙන බෝම්බය පුපුරුවා ගත් බවත් වත්මන් ජනපතිවරයාගේ ආරක්‍ෂාවේ අඩුපාඩු පැවතියහොත් මෙවැනි පුද්ගලයන්ට ප්‍රයෝජන ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad