මහින්ද දිනවන කුරුණැගල රැලියට සියල්ල සූදානම් - මන්ත්‍රීවරු 50ක්‌ රැළියට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

මහින්ද දිනවන කුරුණැගල රැලියට සියල්ල සූදානම් - මන්ත්‍රීවරු 50ක්‌ රැළියට (PHOTOS)

මහින්ද දිනවන කුරුණැගල රැලියට සියල්ල සූදානම් - මන්ත්‍රීවරු 50ක්‌ රැළියට (PHOTOS)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ කිහිපයක්‌ කුරුණෑගල නගරයේදී අද (08) පවත්වනු ලබන මහජන රැලියට එජනිස මන්ත්‍රීවරු 50කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

මව්බිම අනතුරේ - මහින්ද සමග රට දිනවමු යන තේමාව යටතේ පැවැත්වෙන රැලි මාලාවේ සිව්වන ජන රැලිය අද පස්‌වරු 3.00 ට කුරුණෑගල නගරයේදී පැවැත්වේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනකුට හා උදය ගම්මන්පිල මහතාට දැනුම් දී ඇති හෙයින් මෙම රැලියට සහභාගිවීම පිළිබඳ අවිනිශ්චිතතාවක් මතු වී ඇත.

කෙසේවෙතත් මෙම ජනරැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක්‌ සහ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ එක්‌වන බව සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ මෙම රැලි මාලාව සංවිධානය කරයි.

එම රැළියේ සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ විකාශය කිරීමට නියමිතය. කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු සිදුකරන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්






No comments:

Post a Comment

Post Bottom Ad