අගමැති අපේක්ෂකත්වය පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණියේ දැයි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් අද විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් අගමැති අපේක්ෂකත්වය හෝ වෙනත් කිසිවක් ඉල්ලා නොමැති බවයි. අගමැති අපේක්ෂකත්වය තීරණය කළ යුත්තේ ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන පාර්ශව බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
තමන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවල සාර්ථකත්වය ප්‍රකාශ කළ හැක්කේ ඉදිරි සාකච්ඡා ක්‍රියාත්මක වන ආකාරය අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවස ඇත.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (07) පෙරවරුවේ ගුරුවරුන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment