ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු විධායක කමිටුවේ සාමාජිකයන් පිරිසක් ලබන 20 වැනිදා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා හමුවීමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකා ක්රිකට්හට හිමිවිය යුතු ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් රඳවා තබාගෙන සිටින මුදල ලබා ගැනීමට නම් හිටපු විධායක කමිටුවේ අනුමැතිය ලබාගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට අයි.සී.සී.ය කරන ලද දැනුම්දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට බව වාර්තා වේ.
මේ සාකච්ඡාවට හිටපු විධායක කමිටුවේ නිලධාරීන් 11 දෙනෙකු පමණ සහාගිවීමට නියමිතව ඇතැයි ක්‍රීඩා අමාත්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා හැර සෙසු ප්‍රධාන නිලධාරීන් 5 දෙනෙකු සමග ක්‍රීඩා ඇමතිවරයා සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයි පැවසේ.
විධායක නිලධාරීන් අදාල අනුමැතිය දෙන්නේ නම් මාස 6ක් ඇතුළත නිලවරණයක් තැබීමට එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවූ බවද මේ අතර වාර්තා වේ.
දූෂිත යෑයි සඳහන් කරමින් හිටපු විධායක කමිටුව විසුරුවා හරිමින් අතුරු කමිටුවක් පත් කළද එසේ පත් කරන ලද අතුරු කමිටුවට නුස්කි මොහොමඩ් සහ විධායක සභික ජයනන්ද වර්ණවීර යන මහත්වරුන් සුදුසු වන්නේ කෙසේද යන්න මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇතැයි පැවසේ.
Monday, May 18, 2015
අයි.සී.සී.යේ ගැටේ නවීන්ව පටලවයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment