ඩිලාන් පෙරේරා මහතා පෞද්ගලික හේතුන් කිහිපයක් මත නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
කැබිනට් අමාත්‍ය තනතුරක් නොදීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ජාවට ඔහුව සහභාගී කර නොගැනීමත්, අගමැතිවරයා 'පින් අගමැතිවරයකු' බවට ඔහු කල ප්‍රකාශයට ජනාධිපතිවරයා දොස් පැවරීමත් නිසා ඩිලාන් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ඩිලාන් පෙරේරා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ප්‍රබල 'මඩ' ව්‍යාපාරයක් දියත් කර තිබිණ. එහෙත්, ජනාධිපතිවරණය අවසන්වී ශ්‍රීලනිප සභාපති ධුරය ලබාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඩිලාන් පෙරේරා මහතාට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ධුරය ලබාදුන් අතරම, ඔහුගේ පියා ආණ්ඩුකාරවරයකු ලෙසද පත් කළේය.
පවිත්‍රා - සි.බි. ගලවා ගැනීමේ මෙහෙයුමක් :
මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සි.බි. රත්නායක නියෝජ්‍ය අමාත්‍යවරුන් එම තනතුවලින් ඉවත්කර ගැනීමට ශ්‍රීලනිපයේ 'මහින්ද කල්ලියේ' ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. එ්කනායක මහතා බලවත් උත්සහයක් දරමින් සිටියි.
ටී.බී. එ්කනායක මහතා පසුගියදා ප්‍රකාශකර සිටියේ, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට අප්‍රසාදය පළ කරමින් ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
අස්වෙන්නේ 20න් පස්සේ:
ටී.බී. එ්කනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී, ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉන් ඉවත්වන බවට කරන ප්‍රකාශ සාවද්‍ය බවයි.
කෙසේ වෙතත් විසිවන ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කර ගැනීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත්වීම තම අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
Monday, May 18, 2015
ඩිලාන් ඇමති ධුරයෙන් ඉවත්වීමට යයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment