ඉදිරි මහ මැතිවරණයෙදී පුළුල් පෙරමුණක් ලෙස 'හංසයා' ලකුණින් තරඟ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු බලවත් උත්සහයක් දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා උරදුන් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සමග අදාළ ශ්‍රීලනිප ප්‍රබලයින් කිහිප දෙනා, පසුගිය සතියේ ඒ සම්බන්ධව මූලික සාකච්ඡාවක නිරත වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මෙහිදී අවසන් එකඟතාවකට පැමිණ නොමැති අතර ඉදිරියේදී තවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. කෙසේවුවද, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙම යෝජනාවට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි ද පැවසේ.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ තනි පක්ෂ වශයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව මේ වන විටත් පවසා ඇති අතර, එක්සත් ජාතික පක්ෂය "අලියා" ලකුණින් තරග කිරීමට සුදානම් වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ 'හංසයා' ලකුණිනි.
Monday, May 18, 2015
ජනාධිපති මහ මැතිවරණයටත් හංසයා ගෙන් !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment