මාර්ග අංක 177 කඩුවෙල - කොල්ලූපිටිය, මාර්ග අංක 228 න් එක කඩුවෙල - ගම්පහ, ඇතුළු මාර්ග කිහිපයක පෞද්ගලික බස් සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නීති විරෝධී ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
කුරුණෑගල - බත්තරමුල්ල සහ කුරුණෑගල - පානදුර යන මාර්ගවලද පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව ඇතැයි ඔහු සඳහන් කළා.
මාර්ග අංක 163 සහ 183 බස් මාර්ග ඉවත් වීමට කටයුතු කරමින් සිටිනවා. මෙයට හේතුව වන්නේ බස්නාහිර පළාත් සභාවේ මෙම ක්‍රියාදාමය.
එම නිසා මේ සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වහාම මැදිහත් වෙලා එම අවශ්‍ය ක්‍රියාකාරකම් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එම නීති විරෝධී බස් ධාවනය ඉවත් කළහොත් බස් ධාවනය කිරීමට අපි කටයුතු කරනවා.
Monday, May 18, 2015
මාර්ග කිහිපයක බස් වර්ජනයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment