ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජය ගැනීමට සංචාරක පාකිස්තානු කණ්ඩායම අද සමත් වුණා. 

පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 557ක් රැස් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 203ක් රැස් කළා.

පාකිස්තානු කණ්ඩායම දෙවන ඉනිමට කඩුලූ 6ක් දැවී ලකුණු 195ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. එ් අනුව  බංග්ලාදේශය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 550ක්. 

එහෙත් ඔවුන්ට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 221ක් පමණයි. 

පාකිස්තානු පළමු ඉනිම වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ අසාර් අලි තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙසද ඔහු සම්මාන දිනා ගත්තා. තරගය පැවැත්වුණේ මීර්පුර් හිදියි.

No comments:

Post a Comment

Post Bottom Ad