සල්ලි දීලා අඬන්න ජපානේ හෝටල් කාමර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

සල්ලි දීලා අඬන්න ජපානේ හෝටල් කාමර

සිත් තැවුලෙන් පසුවන කාන්තාවන් සඳහාම වෙන්වූ අපූරු කාමර පිහිටි හෝටලයක් ගැන ජපානයෙන් වාර්තා වේ.

‘මිට්සුයි ගාර්ඩෙන් යොට්සුයා‘ නම් වන මෙම හෝටලයේ කාන්තාවන්ට පමණක් වෙන්වූ කාමර පවතින අතර ඒවා විශේෂයෙන්ම හැඬීම සඳහා වෙන්කර තිබේ.

හෝටල් පාලනාධිකාරිය පවසන අන්දමට ඇති තරමක් අඬා හිතේ ඇති ආතතිය,පීඩනය සමනය කරගැනීමට කැමති කාන්තාවන්ට මෙම කාමර වෙන්කර ගත හැකිය.

කාමර වල කදුළු පිසදාගැනීමට විශේෂයෙන් සකස් කළ අත්පිස්නා, කදුළු වැගිරවීමේ සමත් දුක්මුසු තේමා රැගත් චිත‍්‍රපට හා කාටූන් ආදියද ඇත.

කාමරයක් වෙන් කර ගැනීමට ඩොලර් 80 ක මුදලක් දැරිය යුතු වන අතර අදාළ කාමර පහසුකම ලබාදෙන්නේ මෙම වසරේ අගෝස්තු මාසය දක්වා පමණක් වන බව හෝටල් කළමණකාරීත්වය දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad